චීන ඇමරිකා සබඳතා ස්ථාවර වීමේ කොළ ලකුණක්
2023-10-30 11:44:57
Share with:

 ඉකුත් 26වැනි දා සිට 28වැනි දා දක්වා චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඇමරිකාවේ සංචාරයක නිරත විය. පසුගිය ජූනි මාසයේ සිට ඇමරිකාවේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් චීනයේ සංචාරය කිරීමෙන් පසු චීන ඉහළ පෙළේ නිලධාරියෙකු ඇමරිකාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි. ඇමරිකාවේ රැඳී සිටි කාලයේ වං යී මහතා එරට ජනාධිපතිවරයා, රාජ්‍ය ලේකම්වරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාතිකාරක්ෂක කටයුතු සහකාරවරයා වෙන් වෙන් ව හමු විය.

චීන විදේශ ඇමතිවරයාගේ මෙවර ඇමරිකානු සංචාරය ‍දෙරටේ සම්බන්ධතා යහපත් කිරීම සඳහා නව බලාපොරොත්තුවක් ජනිත කළ බව AP පුවත් සේවය පවසයි. දෙරටේ රාජ්‍ය නායකයින් San Francisco හිදී හමුවීම වෙනුවෙන් පොදුවේ උත්සාහ දැරීමට චීනය හා ඇමරිකාව එකඟතාව පළ කර ඇත. ඉදිරියේ චීන-ඇමරිකානු සබඳතා පිළිබඳ තරමක් සර්වසුබවාදී ව දැකිය හැකිය යන පැහැදිලි සංඥාව එම ආකල්පය තුළින් නිකුත් වී ඇතැයි දේශපාලන වි‍ශ්ලේෂකයන් පෙන්වා දෙයි.

වං යී විදේශ අමාත්‍යවරයා සිය ඇමරිකානු සංචාරයෙන් දෙරටේ සම්බන්ධතා පිළිබඳ චීනයේ ස්ථාවරය යළි අවධාරණය කර තිබේ. චීන-ඇමරිකානු රාජ්‍ය නායකයන් එළඹි එකඟතාවන්ට අනුකූලව කටයුතු කිරීම, චීන-ඇමරිකානු ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර කිරීම, බාධා රහිත සන්නිවේදනයක් පවත්වාගෙන යාම, මතභේද හා ගැටුම් නිසියාකාරයෙන් පාලනය කිරීම සහ අන්‍යෝන්‍ය යහපත හා සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම, එම ප්‍රධාන ස්ථාවරයන් වේ. චීනයේ ස්ථාවරය හමුවේ ඇමරිකානු පාර්ශ්වය සක්‍රීය ප්‍රතිචාරයක් දැක්වීය. ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර හා තිරසර අන්දමින් පවත්වාගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමරිකානු පාර්ශ්වය කියා සිටී.

තායිවාන ප්‍රශ්නය චීනයේ කේන්ද්‍රීය සැලකිල්ලකි. දෙර‍ටේ සම්බන්ධතාවට වැඩි වශයෙන් බල පා ඇත්තේ තායිවාන ප්‍රශ්නයයි. ඇමරිකාව තායිවාන බෙදුම්වාදීන්ට වාචිකව විරුද්ධ වුවත් ඔවුන්ට ක්‍රියාවෙන් සහය දෙන ක්‍රියාපිළිවෙළ නතර කළ යුතු බව බව වං යී විදේශ ඇමතිවරයා විශේෂයෙන් අවධාරණය කර ඇත.

චීන-ඇමරිකානු සම්බන්ධතා යථා තත්ත්වයට පත්වීම දෙරටට පමණක් නොව ලෝකයටත් වැදගත් ය. ඒ සඳහා දෙපාර්ශ්වයේ උත්සාහ විශේෂයෙන් ඇමරිකාවේ අවංක ආකල්පය සහ ඊට ගැලපෙන ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව කිව යුතු ය.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම