ජපානය න්‍යෂ්ටික අප ජලය බැහැර කිරීමේ වැරදි ක්‍රියාව නිවැරදි කළ යුතු බව චීනය පවසයි
2023-10-30 14:27:59
Share with:

මෑතකදී ජපානයේ Osaka නගරයේ පැවති G7 වෙළඳ අමාත්‍යවරුන්ගේ සමුළුව ඍණාත්මක ප්‍රකාශයක් පළ කළේය. ඒ සම්බන්ධයෙන් ජපානයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා අද(30) පැවසුවේ ජගත් ප්‍රජාවේ දැඩි අවධානය නොතකා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හරිමින් ජපාන රජය විවෘත ලෙස මුළු ලෝකයට න්‍යෂ්ටික අපවිත්‍ර අවදානම ව්‍යාප්ත කර ඇති බවයි. ජපානය ස්වයං විමර්ශන සිදු කරමින් න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීමේ වැරදි ක්‍රියාව නිවැරදි කළ යුතු ය.

මේ අතර, ආර්ථික බලහත්කාරකම G7 නිරන්තරව සිදු කරන දෙයක් බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. සාධාරණ තරඟකාරී පරිසරය විනාශ කිරීම, ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයේ ආරක්ෂාව හා ස්ථාවරත්වයට බාධා එල්ල කිරීම වැනි G7 සාමාජික රටවල් සිදුකරන අනර්ථකාරී ක්‍රියාවන් ප්‍රමාණය විශාල ය. ද්විත්ව ප්‍රමිතීන් අනුගමනය කිරීම නතර කරමින් ප්‍රායෝගිකව ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන පටිපාටිය ආරක්ෂා කරන ලෙස G7 සාමාජික රටවල්වලින් චීනය ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම