පලස්තීන - ඊශ්‍රායල ගැටළු විසඳීමට සටන් විරාමයක් අරඹන ලෙස චීනය යළිත් ඉල්ලයි
2023-10-30 16:37:47
Share with:

පලස්තීන - ඊශ්‍රායල ගැටළු විසඳීමට සටන් විරාමයක් අරඹන ලෙස චීනය ඉල්ලා සිටී‍.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සටන් විරාම යෝජනාව පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිළි කළේය.

එම ගැටළුව උග්‍ර වීමේ සිටම, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා චීනය අඛණ්ඩව සටන් විරාමය ආරම්භ කරන ලෙසට ඉල්ලමින් සිටින වබ Wang Wenbin මහතා පැවසීය. විශාල මානුෂීය ව්‍යසනය වැළැක්වීම සහ පලස්තීන ප්‍රශ්නයට සාධාරණ හා තිරසර විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන ලෙසටත් චීනය අඛණ්ඩව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීම් කරමින් සිටී. අදාළ යෝජනාව ඒකාබද්ධව ඉදිරිපත් කළ රටවල් අතරින් එකක් වන චීනය ඊට පක්ෂපාතීව ඡන්දය ප්‍රකාශ කළ බව Wang Wenbin මහතා කීය.

එම යෝජනාව පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමටත්, කලාපීය සාමය වහාම අරඹා සිවිල් ආරක්ෂාව සහතික කිරීමටත්, පලස්තීන ප්‍රශ්නය කඩිනමින් සාධාරණ හා තිරසර ලෙස විසඳීමටත් චීනය ‍අපේක්ෂා කරන බව Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම