ඉස්තාන්බුල් නුවර සහ කටුනායක අතර ඍජු ගුවන් ගමන්
2023-10-30 15:39:34
Share with:

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා අරඹයි. මගීන් 261 දෙනෙක් සමග මංගල ගුවන් යානය අද (30)උදෑසන කටුණායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත.

මීට වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින හරහා කටුණායක ගුවන් තොටුපල වෙත තම ගුවන් සේවා පවත්වාගෙන ගොස් තිබිණ.

සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමත් සමග තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යන බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම සඳහන් කර ඇත.

සෘජු ගුවන් ගමන සඳහා පැය 8ක කාලයක් ගතවන අතර සඳුදා,  අඟහරුවාදා,  බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල තුර්කියේ සිට මෙම ගුවන් යානය පැමිණීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම