චීන පර්යේෂණ නෞකාව නාරා ආයතනය සමග පරීක්ෂණ අරඹයි
2023-10-30 15:33:01
Share with:

දිවයිනට පැමිණි "Shi Yan 6" නෞකාව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කළේය.

"Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වන දා කොළඹ වරායට ළඟා වු අතර අදාළ පර්යේෂණ 30 සහ 31 යන දෙදින තුළ සිදුකිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පසුගිය දා අවසර ලබාදී තිබිණ.

මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබාගැනීමට නියමිත අතර ඒ සඳහා නාරා ආයතනය මෙන්ම නාවික හමුදා නිලධාරීන් ද සහභාගී වනු ඇත. මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන අතර මෙම පරීක්ෂණ 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අඛණ්ඩව සිදුකර ඇති බව සඳහන්ය.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම