කෘත්‍රිම බුද්ධියේ පරිපාලන රාමුව හා ප්‍රමිතීන් බිහි කිරීම ප්‍රවර්ධනය කිරීමට චීනයේ සහය
2023-10-30 17:15:19
Share with:

එක්සත් ජාතීන්ගේ රාමුව තුළ කෘත්‍රිම බුද්ධියේ පරිපාලනය සාකච්ඡා කිරීමට චීනය අනුබල දෙයි. 

අද(30) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේය.

කෘත්‍රිම බුද්ධියේ ජාත්‍යන්තර පරිපාලනය කෙරෙහි විශ්ලේෂණය කර ප්‍රතිපත්ති උපදෙස් සැපයීම සඳහා “ කෘත්‍රිම බුද්ධි ජ්‍යෙෂ්ඨ උපදේශක ආයතනයක් ස්ථාපිත කිරීම” එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය දා ප්‍රකාශයට පත් කර ඇත.අදාළ ආයතනයට චීන විශේෂඥයෝ දෙදෙනෙක් ඇතුළත්ව සිටිති.

 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටක් මෙන්ම ජගත් ප්‍රජාවේ වගකියන සාමාජිකයෙක් ලෙස චීනය එක්සත් ජාතීන්ගේ රාමුව තුළ ආදළ කරුණු සාකච්ඡා කිරීමට සහය ලබා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය හා හඬ තහවුරු කරමින් පූර්ණ එකඟතාවන් සහිත කෘත්‍රිම බුද්ධියේ පරිපාලන රාමුවක් හා ප්‍රමිතීන් බිහි කිරීම ප්‍රවර්ධනය කිරීමට චීනය සහය දෙන බවද වං වෙන්බින් මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම