චීන-ග්‍රීක “ එක් තීරයක් එක් මාවතක් ” සංවාද උත්සවය ග්‍රීසියේ ඇතන්ස් හිදී පැවැත්වෙයි
2023-10-30 19:31:59
Share with:

චීන මාධ්‍ය සමූහය අද (30) ග්‍රීසියේ ඇතන්ස් හිදී චීන-ග්‍රීක “ එක් තීරයක් එක් මාවතක් ” සංවාද උත්සවය පැවැත්වීය.

හිටපු ග්‍රීක ජනාධිපති Prokopis Pavlopoulos මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, ග්‍රීක සංචාරක අමාත්‍ය Olga Kefalogianni මහත්මිය සහ ග්‍රීසියේ චීන තානාපති Xiao Junzheng මහතා එම උත්සවයට සහභාගී වී දේශන පැවැත්වූහ.

ග්‍රීසිය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒකාබද්ධව ඉදිකිරීමේ වැදගත් කොටස්කරුවෙකු වන අතර, චීනයේ හොඳ මිතුරෙකු සහ හවුල්කරුවෙකු වන බව Shen Haixiong මහතා එහිදී පැවසීය. එම සංවාද උත්සවයේදී ආරම්භ වන විවිධ සංස්කෘතික ව්‍යාපෘති, චීන සහ ග්‍රීක ශිෂ්ටාචාර හුවමාරු කිරීමේ අංගයක් බව ද හෙතෙම කීය. වත්මන් ලෝකයේ විශාලතම විස්තීර්ණ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය ලෙස, චීන මාධ්‍ය සමූහය ග්‍රීසියේ විවිධ ක්ෂේත්‍ර සමඟ පෙරට වඩා ගැඹුරු සහයෝගීතා ගොඩනගා, දෙරටේ ජනතාව සඳහා සන්නිවේදන පාලමක් තනමින්, ගෝලීය ශිෂ්ටාචාර සංවර්ධනයට නව යුගයක් ඉදි කරනු ඇතැයි Shen Haixiong මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම