මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට
2023-10-29 16:40:13
Share with:

මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් තුනක් ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ. පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත එලෙස විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

නොවැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය නොවැම්බර් 07 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. ඔක්තෝබර් 19 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එම සතියට අදාළ න්‍යාය පත්‍රය තීරණය කර ඇත.

ලබන වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් මස 13 වන සඳුදා දින සිදුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම