වසරකට තේ පැළ මිලියන 20ක් නිෂ්පාදනය කිරීමේ ඉලක්කයක්
2023-10-29 16:41:11
Share with:

වසරකට තේ පැළ මිලියන 20ක් බැගින් නිෂ්පාදනය කිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානයට පවරා ඇත.

කෘෂිකර්ම හා වැවිළි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් ගන්නොරුව සේවා අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඊට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

දැනට කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ අවශ්‍යතා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන තේ පැළ ප්‍රමාණය මිලියන 20කි. ගුණාත්මකභාවයෙන් යුතුව මෙම තේ පැළ වාර්ෂිකව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සපයනු ලබයි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම