චීන මාධ්‍ය සමූහය, චීන-ග්‍රීක පුරාණ ශිෂ්ටාචාර මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර ඔලිම්පික් ආයතනය සමග සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තබයි
2023-10-29 19:55:37
Share with:

ඊයේ (28) ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී චීන මාධ්‍ය සමූහය නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා එම ආයතන දෙක සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කළේ ය. ඉන් අනතුරුව ඔහු එම ආයතන දෙකේ ප්‍රධානීන් සමග වෙන් වෙන් ව සාකච්ඡා පැවැත්විය.

චීනය හා ග්‍රීසිය ඉපැරණි හා දීප්තිමත් ශිෂ්ටාචාරයන්ට උරුමකම් කියන රටවල් දෙකකි. චීන-ග්‍රීක පුරාණ ශිෂ්ටාචාර මධ්‍යස්ථානය මගින් එම ශිෂ්ටාචාර දෙක තවදුරටත් සුසංයෝග වී අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණ වී ඇතැයි ශෙන් හයි ශියොං මහතා එහිදී කියා සිටියේ ය. චීන සාම්ප්‍රදායික සංස්කෘතිය උරුම කරගෙන චීන ජාතික නවීන ශිෂ්ටාචාරයක් ගොඩ නැගීමට දායක වීම, චීන මාධ්‍ය සමූහයට පැවරී ඇති කර්තව්‍යයකි. චීන-ග්‍රීක පුරාණ ශිෂ්ටාචාර මධ්‍යස්ථානය සමග එක්ව චීනය හා ග්‍රීසිය අතර පවතින මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය වඩාත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

පෙර නොවූ විරූ අන්දමින් විපර්යාස වෙමින් පවතින වර්තමාන ලෝකයේ සාමය, මිත්‍රත්වය හා සමගියෙන් යුත් ඔලිම්පික් ජීවගුණයට වඩාත් වැදගත් ස්ථානයක් හිමි වන බව ජාත්‍යන්තර ඔලිම්පික් ආයතනයේ සභාපතිවරයා හමු වූ අවස්ථාවේදී ශෙන් හයි ශියොං මහතා කියා සිටියේ ය.  ජාත්‍යන්තර ඔලිම්පික් ආයතනය සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම, චීන මාධ්‍ය සමූහය සිය මාධ්‍ය මෙහෙවර හරහා ඔලිම්පික් ජීවගුණය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට මහඟු රුකුලක් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර, චීන මාධ්‍ය සමූහය සහ ජාත්‍යන්තර ඔලිම්පික් ආයතනය නව සහයෝගිතා සම්බන්ධතාවක් ආරම්භ කිරීම පිළිබඳව ග්‍රීක අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis මහතා ද සුබපැතුම් එක් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම