IMF රට තුළ සිදු කෙරෙන්නේ දශක කිහිපයකට පෙර සිදු විය යුතු ප්‍රතිසංස්කරණයි
2023-10-29 16:38:36
Share with:

ආර්ථිකමය වශයෙන් අවදානම් සහගත තීන්දු තීරණ ගැනීමට රජය මේ මොහොතේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ රජය සිදු කරමින් පවතින්නේ දශක දෙක තුනකට පෙර සිදු කළ යුතුව තිබූ ප්‍රතිසංස්කරණ බවයි. එවැනි කල් ගත වූ අර්බුදයන්ට විසඳුම් සෙවීමේ දී වඩාත් වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වන බව සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. අර්බුදයට ලක් වූ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර එය ස්ථාවරව ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම පාලකයන්ට සේ ම ජනතාවටත් ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ උතුරු මැද පළාත් විශිෂ්ට ව්‍යවසායකන් ඇගයීමේ සම්මාන රාත්‍රියට එක්වෙමිනි.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම