ගාසා තීරයේ සන්නිවේදන සේවා ක්‍රමයෙන් යථා තත්ත්වයට
2023-10-29 15:57:28
Share with:

ගාසා තීරයේ සන්නිවේදන සේවා ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව පලස්තීන විදුලි සංදේශ සමාගම අද (29) පැවසීය. ඒ අනුව ස්ථාවර දුරකථන, ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවාවන් යථා තත්ත්වයට පත් වෙමින් පවතී.

ඊශ්‍රායල හමුදා කණ්ඩායම් රැසක් ගාසා තීරයට ඇතුළු වීමත් සමග හමාස් සංවිධානයට එරෙහි “යුද්ධයේ දෙවන අදියර” ආරම්භ වී ඇති බව ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu ඊයේ (28) මාධ්‍ය හමුවකදී පැවසීය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අදාළ යෝජනා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය වගකිව යුතු බවට ඊජිප්තුව, ලෙබනනය සහ රුසියාව යන රටවල විදේශ අමාත්‍යාංශ ඊයේ (28) නිවේදන නිකුත් කළහ. ඊශ්‍රායල හමුදාවේ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන්, දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු බොහෝ සිවිල් වැසියන්ට හානි සිදුව ඇත. ඊශ්‍රායලය වත්මන් හමුදා මෙහෙයුම් වහා නවතා ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස එම නිවේදන ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලා සිටී.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 7700ට අධික පුද්ගලයන් පිරිසක් මිය ගොස් ඇති අතර, 20000ට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. පසුගිය 27 වැනිදා රාත්‍රියේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගුවන් ප්‍රහාර වැඩි කිරීමට පටන් ගත් අතර, ඉන් ගොඩනැගිලි සිය ගණනක් සම්පූර්ණයෙන්ම විනාශ වි ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම