චීන විදේශ ඇමතිවරයා සහ ඇමරිකානු උපායමාර්ගික නියෝජිතයන් අතර සාකච්ඡා
2023-10-29 16:34:21
Share with:

චීන විදේශ ඇමති වං යී මහතා ඊයේ(28) වොෂින්ටන් හිදී ඇමරිකානු උපායමාර්ගික නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්විය.

වං යී මහතා එහිදී පෙන්වා දුන්නේ, මෙවර සංචාරයේදී චීනය සහ ඇමරිකාව අතර පොදු අවධානයට ලක්විය යුතු බොහෝ කරුණු පිළිබඳව පුළුල් සන්නිවේදනයන් සිදුව ඇති බවයි. චීනය සහ ඇමරිකාව අතර තවදුරටත් විසඳිය යුතු ගැටලු රැසක් තිබුණ ද, රටවල් දෙක අතර මෙවැනි සංවාදයක් පවත්වා ගැනීම වාසිදායක සහ අත්‍යවශ්‍ය බව දෙපාර්ශ්වයම විශ්වාස කරති. චීන-ඇමරිකා සබඳතා හැකි ඉක්මනින් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට උත්සාහ කරනු ඇතැයි දෙපාර්ශ්වයම බලාපොරොත්තු වන බව, වං යී මහතා සඳහන් කළේ ය. චීන-ඇමරිකා සබඳතා වර්ධනය කිරීම සඳහා මනා දායකත්වයක් සහ කැපවීමක් ලබා දෙන පාර්ශ්වයන් අගය කරන අතර, චීනයට පැමිණෙන සියලු දෙනා සාදරයෙන් පිළිගන්නා බව ද වං යී මහතා ප්‍රකාශ කළේය. තාර්කික සංවාද හරහා චීන-ඇමරිකා සබඳතාවල ශක්තිමත් වර්ධනයට දායක වන සියලු දෙනා දිරිමත් කරන බව ද වං යී මහතා එහිදී කියාසිටියේ ය.

එම අවස්ථාවට එක් වූ නියෝජිතයන් පැවසුවේ, ස්ථාවර ඇමරිකා-චීන සබඳතා දෙපාර්ශවයේම අවශ්‍යතා නිසි ලෙස ඉටු කරන බවයි. දෙපාර්ශ්වය අතර ඒ ඒ ක්ෂේත්‍රවල සංවාද නැවත ආරම්භ කිරීමට, ආර්ථික, වෙළඳ, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, මනා සන්නිවේදනය තුළින් දෙපාර්ශ්වය අතර අවබෝධය වැඩි දියුණු කිරීමට ද ඇමරිකානු උපායමාර්ගික ප්‍රජාව සහාය දක්වන බව ද සඳහන් වී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම