ඇමරිකා ජනපති සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2023-10-28 17:14:50
Share with:

ඇමරිකා ජනාධිපති Joe Biden ඊයේ(27) වොෂින්ටන්හි දී චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා හමුවිය. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික විදේශ අමාත්‍ය Wang Yi මහතා පළමුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් ඇමරිකා ජනාධිපතිවරයා  වෙත පිරිනමා ඇත.රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කර ගත් වැදගත් පොදු එකඟතාවන් අනුගමනය කරමින් ඇමරිකා පාර්ශ්වය සමග මනා සන්නිවේදනයක් පවත්වා ගැනීම මෙම සංචාරයේ අරමුණකි. එමෙන්ම චීන-ඇමරිකා ජනාධිපතිවරුන් බාලි සමුළුවේ සිට සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවක් දෙසට යොමු කිරීම, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පිරිහීම වැළැක්වීම සහ චීන-ඇමරිකා සම්බන්ධතාවය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ද අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පෙන්වා දී ඇත.එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයන් තුන ද්විපාර්ශ්වික සබඳතා සඳහා වැදගත්ම දේශපාලන පදනම වන අතර එය කිසිදු බාහිර මැදිහත්වීමකින් තොරව තහවුරු කළ යුතු බව ද Wang Yi මහතා එහිදී ප්‍රකාශ කර ඇත. 

දෙරටේ සහයෝගීතාව ස්ථාවර මට්ටමකට ගෙන එමින් දෙපාර්ශ්වයම ලෝකය, ඉතිහාසය සහ ජනතාව පිළිබඳ වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුය. ෂී ජින්පිං මහතා විසින් යෝජනා කරන ලද අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය යන මූලධර්ම තුනට අනුගතව එම සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම වැදගත් වනු ඇති බව ද හෙතෙම පැවසීය. මෙය දෙරටේ සහ ජනතාවගේ මූලික අවශ්‍යතා උදෙසා පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාව ද වන බව Wang Yi මහතා අවධාරණය කර ඇත. 

එහිදී Joe Biden මහතා ද ෂී ජින්පිං මහතා වෙත සිය සුබ පැතුම් පිරිනමා ඇත. පවතින ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීම සඳහා ඇමරිකාව චීනය සමග සම්බන්ධතා පැවැත්වීමට කැමැත්තෙන් සිටින බවත්, දෙපාර්ශ්වයේ සබඳතාවලට විශේෂ වැදගත්කමක් ලබා දෙන බව ද ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම