දේශපාලන වෙනස්කම් පසෙක තබා රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්
2023-10-28 15:11:22
Share with:

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලුදෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමග රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය.

නව අධ්‍යාපන ක්‍රමයක් සහ නව පාසල් කළමනාකරණයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් නව විශ්වවිද්‍යාල ඇති කර විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ  පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම”උත්සවයට එක් වෙමිනි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම