චීන මාධ්‍ය සමූහය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහයෝගිතා ගිවිසුමකට අත්සන් කරයි
2023-10-28 16:51:29
Share with:

චීන මාධ්‍ය සමූහය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊයේ(27) ස්විට්සර්ලන්තයේ Lausanne හි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මූලස්ථානයේ දී සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානී Shen Haixiong මහතා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා, දෙපාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුම අත්සන් කළහ.

මෙම ගිවිසුමට අනුව, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ අනාගත ඔලිම්පික් ක්‍රීඩා වෙනුවෙන් දෙපාර්ශ්වය අතර දිගුකාලීන සහයෝගීතා යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරෙනු ඇත. ක්‍රීඩා තරග විකාශය කිරීම, තාක්ෂණික යෙදවීම් සහ වෙළඳපළ ප්‍රවර්ධනය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම ද සිදු වනු ඇත.

Shen Haixiong මහතා එහිදී පෙන්වා දුන්නේ, 27වැනිදා චීන මාධ්‍ය සමූහයේ ඔලිම්පික් නාලිකාව ආරම්භ කිරීමේ දෙවන සංවත්සරය සමරන බවයි. පසුගිය දෙවසර තුළ, ඔලිම්පික් නාලිකාවේ ශ්‍රේණිගත කිරීම් දෛනිකව සහ මාසිකව අඛණ්ඩව වැඩි වී ඇත. එය ඔලිම්පික් සංස්කෘතිය ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන වේදිකාව බවට පත්ව ඇති අතර, දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩා නැරඹීමට වැදගත් නාලිකාවක් බවට පත්ව තිබේ. වසර ගණනාවක් පුරා චීන මාධ්‍ය සමූහය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමීපව කටයුතු කළ අතර සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් වී ඇත. මෙම ගිවිසුම හරහා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග බහුවිධ හුවමාරු සහ සහයෝගීතාව පුළුල් කිරීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව, Shen Haixiong මහතා සඳහන් කළේ ය.

චීන මාධ්‍ය සමූහය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලබාදුන් ස්ථිර සහයෝගයට මෙන්ම, ඔලිම්පික් ක්‍රියාවලියට ලබා දෙන දීර්ඝකාලීන සහ විශිෂ්ඨ දායකත්වයට ද,  Thomas Bach මහතා ස්තූතිය පළ කළේය. ඔලිම්පික් ක්‍රීඩා සහ සංස්කෘතිය ප්‍රචලිත කිරීමට, දෙපාර්ශ්වයම සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ඒකාබද්ධව එය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේ ය.

චීන මාධ්‍ය සමූහයේ සමරු ඵලකයක් ද එදිනම නිරාවරණය කෙරිණි. මෙම සමරු ඵලකය ඔලිම්පික් කෞතුකාගාරයේ ඔලිම්පික් අනුස්මරණ පුවරුව මත තබා ති‍බේ. එම පුවරුව කිරිගරුඬ සමරු ගඩොල් 100 කට වඩා වැඩි ගණනකින් සමන්විත වේ. ජාත්‍යන්තර ඔලිම්පික් ව්‍යාපාරයේ සංවර්ධන ඉතිහාසයේ කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් සංවිධානවලට ස්තූතිය පළ කිරීම එහි අරමුණයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම