චීන-ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීම පැවැත්වේ
2023-10-27 16:57:13
Share with:

චීන- ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායම පසුගිය දා වීඩියෝ ආකාරයෙන් එහි පළමු රැස්වීම පැවැත්වූ බව චීනයේ මහ බැංකුව අද(27) ප්‍රකාශ කළේය.

එහිදී මූල්‍ය ස්ථාවරත්වය, මූල්‍ය නියාමනය, තිරසර මූල්‍යකරණය, මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි වීම සහගෝලීය මූල්‍ය පාලනය ආදී පොදුවේ අවධානයට ලක්වන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟත්වය පළ කර ඇත.දෙරටේ ජනාධිපතිවරුන් බාලි හි පැවති රැස්වීමේ දී ඇති කර ගත් වැදගත් එකඟතාවන් සහ චීන උප අගමැති සහ චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු ප්‍රධානියා වන He Lifeng මහතා, ඇමරිකා භාණ්ඩාගාර ලේකම් Janet Yellen සමග ඇති කර ගත් එකඟතාවන් අනුගමනය කරමින් මෙම සාකච්ඡාව පවත්වා ඇත. දෙරටේ  ප්‍රධාන මූල්‍ය නිළධාරීන් මේ සඳහා සම්බන්ධ වී ඇති අතර චීන මහ බැංකුව සහ ඇමරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය -අමාත්‍යංශ නිලධාරීන්ගේ සම ප්‍රධානත්වයෙන් මෙය සංවිධාන කෙරිණ.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම