චීන-ඇමරිකානු සබඳතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බව චීනය කියයි
2023-10-27 11:01:27
Share with:

චීන-ඇමරිකානු සබඳතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බව චීනය පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව කියාසිටියේ ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හමුවූ අවස්ථාවේ දීය. හමුව ඊයේ(26) Washington නගරයේ දී සිදු විය.  

තමාගේ මෙවර ඇමරිකානු නිල සංචාරය, Blinken මහතා පසුගිය ජූනි මාසයේ එක් වූ චීන නිල සංචාරයට ප්‍රතිචාර වශයෙන් සිදුකළ බව වං යී මහතා එහිදී පැවසීය. චීනය හා ඇමරිකාව අතර ඇතැම් මතභේද පැවතිය ද පොදු අභියෝග සහ පොදු ප්‍රතිලාභයන්ට දෙරටම මුහුණ පායි. සංවාද ඔස්සේ අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු කරමින් අනවබෝධයන් පිටුදැකිය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා කියාසිටියේය. දෙරට එකඟතා සහ සහයෝගිතා පුළුල් කරමින් ද්විපාර්ශ්වික සබඳතාව යළි ගොඩනංවා ස්ථාවර මෙන්ම තිරසර දිශානතියකට යොමු කළ යුතු බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම