ඇමරිකාවේ හදිසි දේශපාලන තීරණ තරුණ පරපුරට ලබා දෙන්නේ වැරදි ආදර්ශයක් ද?
2023-10-27 19:02:23
Share with:

පසුගිය 25 වනදා ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේදී  රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රී Mike Johnson ඡන්ද 220 ක් ලබා ගෙන ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නව කථානායකවරයා ලෙස තේරී පත්ව ඇත. මේ මස ආරම්භයේ සිටම ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ගැටළුකාරී තත්ත්වයක් පැවතිණ. 

හිටපු කථානායක කෙවින් මැකාති සහ ඩිමොක්‍රටික් පක්ෂය කෙටි කාලීන අරමුදල් වෙන් කිරීමේ කෙටුම්පතට එකඟ විය. නමුත් රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු එයට විරෝධය පළ කිරීම හේතුවෙන් කෙවින් මැකාති එම ධුරයෙන් නෙරපා හරිනු ලැබිණ. නව කථානායකවරයෙක් තෝරා ගැනීම සඳහා ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුපක්ෂ නායක Steve Scalise, රිපබ්ලිකන් පක්ෂ මන්ත්‍රී Jim Jordan හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂයේ Tom Emmer යන මන්ත්‍රීවරුන්ට අනුපිළිවෙලින් පක්ෂ තුළ නාම යෝජනා හිමි වුව ද කෙටි කාලයක් තුළ ඔවුන් තරඟයෙන් ඉවත් වූ බව නිවේදනය කෙරිණ. 

25 වනදා රිපබ්ලිකන් පක්ෂය හදිසි ඡන්ද විමසිමක් පවත්වා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂයේ උප සභාපති Mike Johnson නව කථානායකවරයා ලෙස තෝරා ගෙන ඇත. එහෙත් “ගතවූ වසර 140ක ඉතිහාසය ගත් කල අත්දැකීම් අවම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා  Mike Johnson වන ” බව ඇමරිකානු මාධ්‍ය සඳහන් කර ඇත. ඒ හේතුවෙන් විවිධ බලවේගයන් සිය දේශපාලන ක්‍රියාදාමයන් ඉදිරියට ගෙන යාමේදී ඔහුට බලපෑම් එල්ල කළ හැකිය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ඡන්ද විගඩම අවසන් වුව ද නව දේශපාලන අරගලයක් ආරම්භ වන බව ඉන් පිළිබිඹු වේ. 

ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පද්ධතියේ සැලසුම ඉතා පරමාදර්ශී ය. දේශපාලන ප‍්‍රභූන් සුපරීක්ෂාකාරී සහ සංයමයෙන් යුක්ත වේ. ඔවුන් පුද්ගලික ඉල්ලීම්, පක්ෂ සහ රටේ අවශ්‍යතා යන අංශ තුනෙහි ජයග්‍රහණ තුලනය පිළිබඳව අවබෝධ කර ගැනීම එහි පූර්ව නිගමනයයි. එහෙත් යථාර්ථය නම්, මන්ත්‍රීවරුන් විශාල පිරිසක් දැඩි ආත්මාර්ථකාමීත්වය මත පක්ෂයේ හෝ රටේ අවශ්‍යතා නොසලකාහරිමින් කටයුතු කිරීමයි. එම පරමාදර්ශී පද්ධතිය සහ ඇමරිකානු දේශපාලන පරිසරයේ  යථාර්ථය අතර මතභේදයක් පවතී. එවැනි ක්‍රියා අඛණ්ඩව සිදු කළහොත් එහි ප්‍රතිඵලය වෙන්නේ පක්‍ෂ අරගල ඇති වීමයි.  

මෙවර ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා ධුරයෙන් ඉවත් කිරීම සහ යළි තේරී පත්වීමේ දී ආන්තික පුද්ගලවාදය ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරිණි. එහෙත් ඇමරිකානු දේශපාලන පද්ධතිය එයට කිසිදු ප්‍රතිචාර පියවරක් ගෙන නොමැත. 

ලෝකයේ අති විශාල බලය හිමි එකම රට ලෙස ඇමරිකානු දේශපාලනඥයන්ට රටේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව තිබිය යුතු ය. එහෙත් ඇතැම් දේශපාලනඥයන්ගේ නිපුණතාව වන්නේ තවත් ප්‍රශ්න ඇති කිරීමයි. එය ඇමරිකානු තරුණ පරපුරට වැරදි ආදර්ශයක් ලබා දෙන අතර සමස්ත රටේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද අඩාල කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම