“ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක් ”ප්‍රදර්ශනය ඊජිප්තුවේ ප්‍රදර්ශනය ඇරඹේ
2023-10-27 18:46:49
Share with:

චීන මාධ්‍ය සමූහය සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය ඊයේ (26) සිට ලබන නොවැම්බර් මස 2 වනදා දක්වා ඊජිප්තුවේ ප්‍රදර්ශනය කෙරේ. ඊයේ එම ප්‍රදර්ශනයේ සමාරම්භය වෙනුවෙන් කයිරෝ නුවර චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී උත්සවයක් ද පැවැත්විණ. ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, ඊජිප්තුවේ සංස්කෘතික හා මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු සිය ගණනක පිරිසක් ඊට එක් වූහ.


චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා වීඩියෝ ආකාරයෙන් ඊට එක් වෙමින් දේශනයක් සිදු කළේ ය. චීන ශිෂ්ටාචාරය සහ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය මානව ඉතිහාසයට දීප්තිමත් ‍මෙන්ම වැදගත් මෙහෙවරක් ඉටු කර ඇත. පැරණි ශිෂ්ටාචාරයෙන් පෝෂණය වී වර්තමානයේ චීන ජනතාව නවීනත්වයෙන් යුත් නව ශිෂ්ටාචාරයක් නිර්මාණය කරමින් සිටින බව ශෙන් හයි ශියොං මහතා එහිදී කියා සිටියේ ය. චීනය හා අරාබි රටවල් අතර පවතින සංස්කෘතික සංවාද හා හුවමාරු ශක්තිමත් කිරීම වෙනුවෙන් ද චීන-අරාබි ජනතාවගේ අන්‍යෝන්‍ය අවබෝධය වෙනුවෙන් ද චීන මාධ්‍ය සමූහය සිය මාධ්‍ය භූමිකාව මැනවින් ඉටු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම