ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට
2023-10-27 15:06:26
Share with:

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත මේ වනවිට නිරීක්ෂණය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට සිය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයින් පිරිසක් ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කර ඇත.

තිරසාර කෘෂිකර්මාන්තයක් උදෙසා ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම ගැටළුවක් බව සඳහන් කළ අමාත්‍යවරයා රජයන් වෙනස් වන විට වෙනස් නොවන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බැවින් මේ වනවිට එම කටයුතු අවසන් කර ඇති බව පෙන්වා දී ඇත.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම