රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ගැන තීරණයක්
2023-10-27 15:07:24
Share with:

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ පරිපාලන දුර්වලතා මඟහරවා නව මුහුණුවරකින් තරගකාරී බැංකුවක් ලෙස පවත්වාගෙන යාමට කෝප් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

බැංකුවට සිදුවූ අලාභය පියවීම සහ ගනු ලැබු නෛතික ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් කැඳවීමට ද කෝප් කමිටුව නිර්දේශ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බැංකුවේ සක්‍රීය නොවන ණය අනුපාතයේ සාමාන්‍ය අගය ඉක්මවා, ශාඛා 10ක පමණ ඉහළ සක්‍රීය නොවන ණය අනුපාතයක් වාර්තා කර තිබීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම