කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාගේ චීනය කෙරෙහි ක්‍රියාකලාපය ඇමරිකාවේ සෙසු දේශපාලනඥයින්ටත් ආදර්ශයක්
2023-10-27 10:34:10
Share with:

ඇමරිකාවේ කැලිෆෝනියා ආණ්ඩුකාර Gavin Newsom මහතා මේදිනවල චීනයේ සංචාරයක නිරත වේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 25වැනිදා ඔහු හමු විය. Gavin Newsom මහතාට චීන රාජ්‍ය නායකයාගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව බ්‍රිතාන්‍ය daily mailපුවත්පත පැවසීය. චීන-ඇමරිකානු ප්‍රාදේශීය සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට චීනය විශාල වැදගත්කමක් හා අපේක්ෂාවක් පළ කිරීම එයින් පෙන්නුම් කෙරෙන බව ඇතැම් මාධ්‍ය පෙන්වා දී තිබේ.

Gavin Newsom මහතාගේ මෙවර චීනයේ සංචාරයේ වැදගත් කාර්යභාරයක් වන්නේ ‍දේශගුණික විපර්යාසයට මුහුණ දීම සම්බන්ධ සහයෝගිතාව විමසා බැලීමයි. පසුගිය සැප්තැම්බර් මාසයේ ඔහු CNN නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ දේශගුණික විපර්යාස සම්බන්ධ චීනය සමඟ ඇති සබඳතාව වඩාත්ම වැදගත් හා මූලික සම්බන්ධතාවය ලෙස සැලකිය යුතු බවයි.

කැලිෆෝනියාව ඇමරිකාවේ වඩාත්ම තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානයකි. මෙතෙක් මාධ්‍ය විසින් නිකුත් කරන ලද තොරතුරු වලින්, චීන-ඇමරිකානු විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව සඳහා Gavin Newsom මහතාගේ උනන්දුව පැහැදිලිව දැකගත හැකිය.

එසේම, Gavin Newsom මහතාට චීන-ඇමරිකානු සබඳතා පිළිබඳ තාර්කික හා ප්‍රායෝගික අවබෝධයක් ඇත. "චීනය වඩා සාර්ථක වන තරමට අප සියල්ලන්ම සාර්ථක වනු ඇත" යනුවෙන් හෙතෙම මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහුගේ මෙම ප්‍රකාශයන්, චීන-ඇමරිකානු සබඳතා යහපත් කිරීම සඳහා ඇමරිකානු සමාජයේ අපේක්ෂාවන් පිළිබිඹු කරයි.

කැලිෆෝනියාව චීනය සමඟ දිගුකාලීන මිත්‍රත්වයක් පවත්වා ගැනීමට හේතුව වන්නේ එය මතවාදය පසෙක තබා තාර්කික හා විවෘත ආකල්පයකින් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමයි. ආණ්ඩුකාර Gavin Newsom මහතාගේ චීනය කෙරෙහි තාර්කික හා ප්‍රායෝගික සංකල්පය, වොෂින්ටනයේ සෙසු දේශපාලනඥයන් ද ඉගෙන ගත යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම