චීන මාධ්‍ය සමූහයේ ‘ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක්’ ප්‍රදර්ශනය ජිනීවා හි ජාතීන්ගේ මන්දිරයේ දී
2023-10-27 10:17:55
Share with:

චීන මාධ්‍ය සමූහයේ ‘ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක්’ ප්‍රදර්ශනය ජිනීවා හි පිහිටි ජාතීන්ගේ මන්දිරයේ දී පැවැත්වෙයි. ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල ඊයේ (26) පැවැත්විණ.

චීන මාධ්‍ය සමූහය, එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලය සහ චීන නිත්‍ය දූත කණ්ඩායමේ ඒකාබද්ධ ප්‍රයත්නයෙන් ප්‍රදර්ශනය සංවිධාන කෙරිණ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම උළෙලට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ජගත් ප්‍රජාවේ ඉහළ ඇගැයීමට ලක්වූ බව Shen Haixiong මහතා පෙන්වා දෙයි. නවයුගයේ දී චීනය සිය නූතන ශිෂ්ටාචාරය ගොඩනැංවීමට කැප වී සිටී. ගෝලීය වශයෙන් විශාලතම විස්තීර්ණ අන්තර්ජාතික මාධ්‍ය ආයතනය වන චීන මාධ්‍ය සමූහය, ශිෂ්ටාචාර හුවමාරු සවිබල ගැන්වීමෙහි ද ඉහළ කාර්යභාරයක් ඉටුකරයි. එමෙන් ම, ගෝලීය සංහිඳියාව සහ පොදු නවීකරණය චීන මාධ්‍ය සමූහය විසින් තහවුරු කෙරෙන බව ද හෙතෙම කියා සිටියේය.

‘ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක්’ ප්‍රදර්ශනයේ දී පෞරාණික Liangzhu නගරයේ සහ Sanxingdui පුරාවිද්‍යා කලාපයේ පුරාවස්තු ඇතුළු චීනයේ ප්‍රධාන නටබුන් පරිශ්‍ර 10 ක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මනාව නැරඹීමට අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි. ‘වසර 5000 ක චීන ශිෂ්ටාචාරය’ ඉන් නිරූපණය කෙරේ.

ප්‍රදර්ශනය ලබන 30 වැනි දා දක්වා පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම