චීන මධ්‍යම සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ලෝක ආර්ථික සංසදයේ විධායක සභාපතිවරයා අතර සාකච්ඡාවක්
2023-10-26 10:18:29
Share with:

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ඊයේ (25) ජිනීවා හි ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ සහ විධායක සභාපති Klaus Schwab මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

චීන මාධ්‍ය සමූහය වසර ගණනාවක් පුරා ලෝක ආර්ථික සංසදය පුළුල් ලෙස වාර්තා කර ඇති බව Shen Haixiong මහතා එහිදී පැවසීය. දෙපාර්ශ්වයටම සුවිශේෂී වාසිදායක සම්පත් පවතින අතර, ද්විපාර්ශ්වික සහයෝගීතාවයට පුළුල් අවකාශයක් ද ඇත. දෙපාර්ශ්වය උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ලෝක ආර්ථික සංසදය සක්‍රීය ලෙස වාර්තා කිරීම  සම්බන්ධයෙන් Klaus Schwab මහතා එම අවස්ථාවේදී චීන මාධ්‍ය සමූහය වෙත සිය කෘතඥතාව පළ කළේය. චීන මාධ්‍ය සමූහය සමඟ සංවාද සහ සහයෝගීතාව ශක්තිමත් කර ලෝක ආර්ථික සංවර්ධනයට නව ජවයක් එක් කිරීමට හැකිවනු ඇතැයි Klaus Schwab මහතා එහිදී බලාපොරොත්තු පළ කර ඇත.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම