කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සඳහා නව සැලසුම් රැසක්
2023-10-26 17:34:02
Share with:

කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ණය ප්‍රශස්තකරණය සහ තිරසර ආර්ථිකයක් ගොඩනැගීම යන අරමුණු ඉටු කර ගැනීමේ දී නව දැක්මක් සහ ශක්තිමත් ප්‍රවේශයක අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම