ලබන වසරේ සිට පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු ONLINE ක්‍රමය ඔස්සේ
2023-10-26 17:35:34
Share with:

ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තිබේ. මේ වන විටත් බොහෝ පළාත් පාලන ආයතනවල අදාළ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව  වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීමේ කටයුතු ඇතුළු ගෙවීම් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් සිදු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 341 තුළම අදාළ වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතනවලට අයත් සියලු මාර්ග සිතියම් ගතකිරීමේ කටයුතු ද මේ වසර අවසන් වන විට සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජානක වක්කුඹුර මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම