“ෂී ජින් පිං මහතාගේ කතා” නමැති බහු භාෂා ඩිජිටල් ශ්‍රව්‍ය ගොනුවේ ගෝලීය විකාශය ඇරඹේ
2023-10-26 09:53:44
Share with:

චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව නිර්මාණය කරන “ෂී ජින් පිං මහතාගේ කතා” නමැති බහු භාෂා ඩිජිටල් ශ්‍රව්‍ය ගොනුවේ හා වැඩසටහනේ ගෝලීය විකාශය ඇරඹේ. එය පසුගිය දා ජර්මනියේ Frankfurt හිදී නිල වශයෙන් නිකුත් කෙරිණ. යුරෝපයට අයත් විවිධ රටවල  60කට වැඩි ප්‍රධාන මාධ්‍ය ඊට සමගාමී ව එම වැඩසටහන විසුරුවා හැර ඇත. EU Reporter සහ Russian Gazette ඇතුළු ප්‍රමුඛ පෙළේ ප්‍රධාන විදේශ මාධ්‍ය 80 ක් එහි අන්තර්ගතයන් පිළිබඳව වාර්තා කර තිබීම ද කැපී පෙනේ. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවල් හා කලාප 20 ක ප්‍රධාන අන්තර්ජාල මාධ්‍ය 817 ක් එය විකාශය කර ඇති අතර, මිලියන 400කට අධික ප්‍රේක්ෂකයින් වෙත එය ළඟා වෙයි. “ෂී ජින් පිං මහතාගේ කතා” නමැති ඩිජිටල් ශ්‍රව්‍ය ගොනුව ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, රුසියානු සහ අරාබි යන භාෂාවලින් විකාශය කෙරේ‍. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මුල් කාලයේ චීනයේ විවිධ පළාත්වල සේවය කළ අවස්ථාවලදී ලද අත්දැකීම් පිළිබඳව කියැවෙන කතා පළමු ජාත්‍යන්තර ඩිජිටල් ශ්‍රව්‍ය ගොනුවට ඇතුළත්ය. ෂී ජින් පිං මහතාගේ පාලන දර්ශනය ගොඩනැගීමේ ක්‍රියාවලිය සහ එය පිටුපස ඇති ඓතිහාසික හා ප්‍රායෝගික තර්කනය එමගින් පැහැදිලි කෙරේ. නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනයේ න්‍යායික මූලාරම්භය සහ ප්‍රායෝගික පදනම ද එයින් නිරූපණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම