‘එක් තීරයක් එක් මාවතක්’අඛණ්ඩ පැවැත්මට සුබ පැතුම්
2023-10-26 15:46:34
Share with:

දශකයක් තුළ ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ අත්කර ගත් සංවර්ධනීය ජයග්‍රහණ ලොවම අත්විඳිමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. දශකයක සාර්ථකත්වය සමරන එම වැඩපිළිවෙළේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරන බවද  හෙතෙම කියාසිටී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ලෝක නායකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙල ඔක්තෝබර් 18 වැනිදා බෙයිජිං අගනුවර දී පැවැත්විණ. එහිදී ප්‍රධාන දේශනය පවත්වමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ 'එක් තීරයක් එක් මාවතක්' වැඩපිළිවෙළ මගින් ක්‍රියාත්මක ඒකාබද්ධ සංවර්ධනය, යුගයේ ප්‍රගමනයට ගැලපෙන ප්‍රයත්නයක් බව යි. එය ගෙවී ගිය දශකය තුළින් පිළිබිඹු වී ඇති බවද හෙතෙම පැවසීය.  ෂී ජින් පිං මහතා පෙන්වාදුන් ආකාරයට ම, මෙම වැඩපිළිවෙළ දශකයක් තුළ අත්කර ගත් ජයග්‍රහණ සඳහා නිදසුන් රැසක් ලොව කලාප රැසකින්  දැක්විය හැකිය. ආසියානු, අප්‍රිකානු මෙන්ම යුරෝපා කලාපයේ ද එම ව්‍යාපෘති ව්‍යාප්ත ව පවතී.

'එක් තීරයක් එක් මාවතක්' වැඩපිළිවෙළ සංවර්ධනය වෙමින් පවතින රටවලට සංවර්ධනය සාක්ෂාත් කිරීම  උදෙසා හිමි වූ ප්‍රායෝගික ක්‍රමවේදයකි. උසස් තත්ත්වයේ යටිතල පහසුකම් ගොඩනැංවීමකින් තොරව තිරසර සංවර්ධනය අත්පත් කරගත නොහැකිය. මෙම වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක  ඒකාබද්ධ ඉදිකිරීම් ව්‍යාපෘති මීට මනා විසඳුම් රැගෙන ආ බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

චීන ජනාධිපතිවරයා පවසන ආකාරයට එය පොදු ජයග්‍රහණ හා පොදු සංවර්ධනය අරමුණු කර ඇත. එසේම, එය සමස්ත ලෝකයටම සම්බන්ධතා ජාලයක් ගොඩනගා තිබේ. ගෝලීය පටිපාටිය, නිෂ්පාදන හා සැපයුම් දාමයන් හි පැවැත්ම එමගින් වඩාත් පහසු වී ඇතැයි ද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම