සෑම ක්ෂේත්‍රයකටම වෙනස් නොවන ප්‍රතිපත්තියක්
2023-10-26 17:34:53
Share with:

ජනතාව අපේක්ෂා කරන වෙනස ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයක් තුළම සකස් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත් ඒ අනුව සකස් කෙරුණු පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය ජනගත කෙරුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ලැබීම විශේෂ ජයග්‍රහණයක් බවත් රාජ්‍ය මූදල් පරිපාලනය දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් රාජ්‍ය පරිපාලනය විශ්ලේෂණය කරමින් වාර්තාවක් සකස් කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම