චීන මාධ්‍ය සමූහය හා ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය අතර සහයෝගිතා ගිවිසුමක්
2023-10-26 19:56:52
Share with:

චීන මාධ්‍ය සමූහය හා ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය අද(26) ජීනිවාහිදී සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබූහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා හා ‍ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Daren Tang මහතා දෙපාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූහ. ජීනිවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නියෝජිත Chen Xu මහතා ද එම උත්සවයට එක් විය.

මේ වසර චීනය හා ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය සහයෝගිතා පැවැත්වීමේ 50 වැනි සංවත්සරය සමරයි. චීන රජය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරන බව Shen Haixiong මහතා එහිදී කියාසිටියේය. ලෝක ‍බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය සමග ශක්තිමත් සහයෝගිතාවක් ගොඩනගමින් මාධ්‍ය හැකියාවන් ඔස්සේ ගෝලීය බුද්ධිමය දේපළ පාලන පද්ධතිය වඩාත් සාධාරණ දිශාවක් වෙත යොමු කිරීමට චීන මාධ්‍ය සමූහය බලාපොරොත්තුවෙන් සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ කාර්යභාරය පිළිබඳ Daren Tang මහතා ස්තුතිය පළ කළේය. චීන මාධ්‍ය සමූහය සමග ගැඹුරු සහයෝගිතා පැවැත්වීමෙන් විවෘත බව, වෙනස්කම් පිළිගැනීම, සමබර බව මෙන්ම පොදු වාසි සහිත බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි ගොඩනැගීමට ඒකාබද්ධව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව Daren Tang මහතා ප්‍රකාශ කළේය.

එම ගිවිසුමට අනුව බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි ප්‍රවර්ධනය කිරීම, කර්තෘ අයිතීන් සුරැකීමේ සංකල්පය පිළිබඳ ප්‍රචාරන වැඩසටහන් පැවැත්වීම සහ අන්තර්ජාල කර්තෘ අයිතීන් සුරැකීමේ දී ඇති වන අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීම දෙපාර්ශ්වය සිදු කරනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම