චීන-රුසියා සහයෝගීතාව තුළදී කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක කර නොගන්නා බව චීන අගමැති පවසයි
2023-10-26 16:15:50
Share with:

චීන-රුසියා සහයෝගීතාව තුළදී කිසිදු තුන්වන පාර්ශ්වයක් ඉලක්ක කර නොමැති අතර, එයට කිසිදු තෙවන පාර්ශ්වයක් බාධා නොකරනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය  Li Qiang මහතා පවසයි. 

දෙපාර්ශ්වය සිය ජනතාවට ප්‍රතිලාභ ලබා දීම, ගෝලීය සංවර්ධනය, සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කිරීම අරමුණු කර ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගීතා ක්‍රියාත්මක කරමින් සිටී. රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා සමග ෂැංහයි සහයෝගිතා සංවිධානය සාමාජික රටවල රජයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයේ 22 වන රැස්වීමට සමගාමීව පැවති හමුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.චීන-රුසියානු ජනාධිපතිවරුන් අතර බෙයිජිං හි මෑතකදී පැවති රැස්වීමේදී නව සැලැස්මක් මෙන්ම චීන-රුසියා සබඳතාවල ප්‍රගතිය සඳහා නව දැක්මක් ද අරඹා ඇති බව Li Qiang මහතා පෙන්වා දී ඇත.රාජ්‍ය නායකයන් දෙපළ විසින් ඇති කර ගත් වැදගත් එකඟතා අනුගමනය කරමින්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමටත්, නව යුගයේ චීන-රුසියා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය සම්බන්ධීකරණය කිරීමටත් රුසියාව සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය. චීන-රුසියා සංවර්ධන උපායමාර්ග තවදුරටත් සමපාත කිරීමට “එක් තීරයක් එක් මාවතක්” සහයෝගීතාවය සහ යුරේසියානු ආර්ථික සංගමය (EEU) අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ. එමෙන්ම වෙළඳාම සහ ආයෝජන වර්ධනය කර ගනිමින් ‍බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ද ශක්තිමත් කර වෙළද පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද Li Qiang මහතා එහිදී ප්‍රකාශ කර ඇත.ෂැංහයි සහයෝගිතා සංවිධානය සමග සහයෝගීතාව ශක්තිමත් කරමින් කාර්මික හා සැපයුම් දාමවල සහයෝගීතාව ප්‍රවර්ධනයට, කාර්මික නිෂ්පාදන, හරිත සංවර්ධනය සහ ඩිජිටල් ආර්ථිකයේ සහයෝගීතාව පුළුල් කිරීමට  ද චීනය බලාපොරොත්තු වේ. ඒ ඔස්සේ කලාපීය ආර්ථික වර්ධනය සඳහා නව ගාමක බලවේගයක් සැපයීමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම