එක් තීරයක් එක් මාවතක් යනු ගෝලීය මට්ටමේ අන්තර් ප්‍රතිලාභී සම්බන්ධීකරණ ජාලයක්
2023-10-25 11:22:02
Share with:

ගෙවුණු වසර 10 තුළ එක් තීරයක් එක් මාවතක් පෙරදැරි කරගෙන  ගෝලීය මට්ටමේ සම්බන්ධීකරණ ජාලයක් ස්ථාපිත කිරීමට චීනය සමත්ව ඇතැයි කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යායනාංශයේ අංශාධිපති මහාචාර්ය නවරත්න බණ්ඩා මහතා පවසයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලලේ තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය මෑතකදී බෙයිජිං නගරයේ දී පැවැත්විණ. ඊට රටවල් හා ජාත්‍යන්තර සංවිධාන රැසක සහභාගීත්වයෙන් මෙම සංකල්පයෙන් ලොවට ගෙනෙන ධනාත්මක අර්ථයන් පැහැදිලි වන බවද හෙතෙම කියා සිටී. එම සංසදය අමතමින් චීන ජනාධිපතිවරයා සඳහන් කළ කරුණු අනුව “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය වෙනුවෙන් විවිධ මට්ටමේ ජාලයන් ස්ථාපිත කිරීම, විවෘත ගෝලීය ආර්ථිකයක් නිර්මාණයට අනුබල දීම, ප්‍රායෝගික සහයෝගිතාව වර්ධනය, හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අට වැදෑරුම් යෝජනා ගෝලීය වශයෙන් කාලීන අවශ්‍යතාවන්ය. “එක් තීරයක් එක් මාවතක්”ව්‍යාපෘතියේ ආර්ථීක කරුණු සම්බන්ධයෙන් සලකා බැලීමේදී වෙළෙඳ සම්බන්ධතා වැඩිදියුණු කිරීම තුළින් රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් ආර්ථික වාසි අත්පත් කර ගැනීම එක් අභිලාෂයකි. මේ සඳහා  යුරෝපා සහ ආසියානු රටවල්  සියල්ල සම්බන්ධ කර ගැනීමෙන් ගෝලීය ආර්ථිකයට විශාල බලයක් එන්නත් කළ හැකි බවද කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යායනාංශයේ අංශාධිපති මහාචාර්ය නවරත්න බණ්ඩා මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම