චීන අග්‍රාමාත්‍යවරයා කිර්ගිස්ථාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වති
2023-10-25 21:12:15
Share with:

චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා කිර්ගිස්ථාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ‍වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පවත්වති.

අද (25) කිර්ගිස්ථානයේ BISHKEK අගනුවරදී එම සාකච්ඡා පැවැත්විණ. චීනය සහ කිර්ගිස්ථානය මිත්‍රශීලී අසල්වැසි රටවල් ය. දෙරටේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඔස්සේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව ඉදිරියට ගෙන යා යුතු බව ලිං ච්‍යං මහතා එහිදී කියා සිටියේ ය. චීන-කිර්ගිස්ථාන මැදි හා දිගුකාලීන ආර්ථික හා වෙළඳ සහයෝගිතා සැලැස්ම ක්‍රියාවට නංවමින් ද්විපාර්ශ්වික වෙළඳාමේ පරිමාණය හා ව්‍යූහය පුළුල් කළ හැකි බවත්, ඩිජිටල් ආර්ථිකය, නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනය සහ පවිත්‍ර බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රවල වඩාත් පුළුල් සහයෝගිතාවක් පවත්වා ගෙන යා හැකි බවත්, චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

කිර්ගිස්ථාන-චීන සම්බන්ධතා පෙර නොවූ විරූ මට්ටමට ළඟා වී ඇතැයි කිර්ගිස්ථාන ජනාධිපති  Sadyr Japarov මහතා චීන අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී කියා සිටියේ ය. තායිවානය ඇතුළු චීනයේ කෙන්ද්‍රීය යහපතට අදාළ කරුණුවලදී කිර්ගිස්ථානය ස්ථිර ව චීනයට සහය දෙන බව හෙතෙම පැවසීය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා වඩාත් ශක්තිමත් කිරීමට කිර්ගිස්ථානය කැමති බව Sadyr Japarov ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. චීනය ඉදිරිපත් කළ ගෝලීය ආරක්ෂක මුලපිරුම ඇතුළු මුලපිරුම්වලට කිර්ගිස්ථානය අනුබල දෙන බවත්, චීනය සමග එක්ව කලාපීය ස්ථාවරත්වය හා සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට කැමති බවත්, කිර්ගිස්ථාන අග්‍රාමාත්‍ය Akylbek Japarov මහතා චීන අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම