සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමට ඩොලර් මිලියන 100ක ADB ව්‍යාපෘතියක්
2023-10-25 16:08:31
Share with:

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනදායී පොලි අනුපාතයන් යටතේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ණය සැපයීම සඳහා රජය විසින් ' සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය ' ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, එම ණය මුදල ලබා ගැනීම වෙනුවෙන් ඊට අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලුවලට පිළියමක් වශයෙන් ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම