IMF දෙවන වාරිකය හිමි වීම ණය ප්‍රතිව්‍යූහගතකරණයට ධනාත්මක බලපෑමක්
2023-10-25 16:05:14
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය හිමි වීමෙන් ඇති වන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණයට ධනාත්මක බලපෑමක් ඇති කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.  එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් කොළඹ මූලස්ථානයේ පැවති වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීමට ශ්‍රී ලංකාව සුවිශේෂ  පියවර රැසක් ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත. ඒ වෙනුවෙන් වේගවත් ව්‍යූහාත්මක වෙනස්කම් රැසකට ශ්‍රී ලංකාව අවතීරණ වී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බවද ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම