චීන අග්‍රාමාත්‍ය ලි චියන්ග් මහතා කිර්ගිස්ථානයට ළඟාවෙයි
2023-10-25 09:05:08
Share with:

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල රජයේ ප්‍රධානීන්ගේ 22 වන රැස්වීමට සහභාගී වීමට සහ කිර්ගිස්ථානයේ නිල සංචාරයක් සඳහා චීන අග්‍රාමාත්‍ය ලි චියන්ග් මහතා එරටට ළඟාවෙයි. ඒ කිර්ගිස්ථාන අගමැතිවරයාගේ ආරාධනාවකට අනුවය. දෙරටේ නායකයින් දෙදෙනා විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම දේශපාලන හා උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය පුළුල් කිරීම සඳහා කිර්ගිස්ථානය සමග කටයුතු කිරීමට චීනය සූදානම් බව එරට අගමැතිවරයා සමග ගුවන් ‍තොටුපළේ පැවති කෙටි හමුවේදී චීන අගමැතිවරයා පැවසීය.

ෂැංහයි හරය ඒකාබද්ධව ඉදිරියට ගෙන යාමට සහ කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා නව ජවයක් ගෙනදීමට  ෂැංහයි සහයෝගතා සංවිධානයේ සෙසු සාමාජිකයින් සමඟ කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව ද  හෙතෙම පැවසීය.

කිර්ගිස්ථාන අගමැතිවරයා චීන අගමැතිවරයා ගේ සංචාරය උණුසුම් ලෙස පිළිගනිමින් ද්විපාර්ශ්වික සබඳතාවල ධනාත්මක සංවර්ධන ගම්‍යතාවය ගැන අදහස් දැක්වීය. චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල හුවමාරු වැඩි දියුණු කිරීමටත්, එක් තීරයක් එක් මාවතක් සහයෝගීතාව ඉදිරියට ගෙන යාමටත් කිර්ගිස්ථානය සූදානම් බව ද එරට අගමැතිවරයා පැවසීය. මධ්‍යම ආසියාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම