පලස්තීන-ඊශ්‍රායල් ගැටුමෙන් මිය ගිය ළමුන් පිරිස 2360 ක්
2023-10-25 09:36:12
Share with:

මෙම වටයේ පලස්තීන-ඊශ්‍රායල් ගැටුමෙන් ගාසා තීරයේ ළමුන් 2360ක් මිය ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල පවසයි.

එසේම ළමුන් 5364ක් තුවාළ ලැබූ අතර ඊශ්‍රායල ළමුන් 30කට වැඩි පිරිසක් එම ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බව එහි සඳහන් විය.

හැකි ඉක්මනින් සටන් විරාමයක් ආරම්භ කරන ලෙසත්, මානුෂීය සහායන් ගාසා තීරයට ප්‍රවේශ වීමට ඉඩ දෙන ලෙසත්, රඳවාගෙන සිටින පුද්ගලයින් නිදහස් කරන ලෙසත් එම සංවිධානය ගැටුමට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගෙන් කඩිනමින් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම