ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුවේ වාර්ෂික සම්මාන පිරිනැමීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-10-25 10:12:01
Share with:

ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුවේ වාර්ෂික සම්මාන පිරිනැමීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. චීනය හා ඇමරිකාව අතර විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එම කමිටුවේ ක්‍රියාකාරී කැපවීම ෂී ජින් පිං මහතා අද ( 25) යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයෙන් අගය කරයි. Henry Kissinger සම්මානය දිනා ගැනීම සම්බන්ධයෙන් ද හෙතෙම  සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය යන මූලධර්ම තුන පිළිපදිමින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායී සහයෝගීතාව ප්‍රවර්ධනය කොට වෙනස්කම් නිසි ලෙස කළමනාකරණය කර දෙරටට සහ ලෝකයට ප්‍රතිලාභ ලබා දීම සඳහා ඇමරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා සිය පණිවුඩයෙන් පෙන්වා දෙයි.

ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුව සහ සෑම තරාතිරමකම මිතුරන් දෙරටේ සබඳතාවට සහාය ලබා දෙන අතර දෙරටේ සබඳතාවල හිතකර සහ ස්ථාවර වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරාය සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම