චීන මාධ්‍ය සමූහය AFP පුවත් සේවය සමග නව සහයෝගිතා වැඩසටහනක් අරඹයි
2023-10-25 21:44:00
Share with:

චීන මාධ්‍ය සමූහය AFP පුවත් සේවය සමග නව සහයෝගිතා වැඩසටහනක් ආරම්භ කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නි‍යෝජ්‍ය අධ්‍යක්ෂ, චීන මාධ්‍ය සමූහයේ සභාපති ෂෙන් හයි ශියොං මහතා අද (25) පැරිස් නුවරදී AFP පුවත් සේවයේ සභාපති Fabrice Fries මහතා සමග අදාළ සහයෝගිතා ලියවිල්ලට අත්සන් තැබූහ. එම ලියවිල්ලට අනුව පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පදනම් ව දෙපාර්ශ්වය නව මාධ්‍ය හා කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වනු ඇත.

2024 වසරට චීනය හා ප්‍රංශය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර වසර 60ක් සපිරේ. එම වසරේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද පැවැත්වීම විශේෂත්වයකි. මෙවන් පසුබිමක් තුළින් AFP පුවත් සේවය සහ චීන මාධ්‍ය සමූහය අතර පවතින සහයෝගිතාවට වටිනා අවස්ථා හිමි වන බව Fabrice Fries මහතා එහිදී කියා සිටි‍යේ ය. ෂෙන් හයි ශියොං මහතා එම අවස්‍ථාවේදී පැවසුවේ ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේ චීන මාධ්‍ය සමූහය AFP පුවත් සේවය සමග එක්ව තවදුරටත් සහයෝගිතා ශක්තිමත් කර ගනිමින් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමට බලාපොරොත්තු වන බවයි.

 මාධ්‍ය සමූහය AFP පුවත් සේවය සමග නව සහයෝගිතා වැඩසටහනක් ආරම්භ කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම