චීන මාධ්‍ය සමූහය සහ ප්‍රංශ ටෙනිස් සංගමය අතර සහයෝගිතා ගිවිසුමක්
2023-10-24 10:51:38
Share with:

චීන මාධ්‍ය සමූහය සහ ප්‍රංශ ටෙනිස් සංගමය ඊයේ (23) පැරිස් හිදී සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය.

එක්ව ටෙනිස් ප්‍රවර්ධනය කිරීම, ටෙනිස් ක්‍රීඩා තරඟ විකාශනය සඳහා සහයෝගීතාව ගැඹුරු කිරීම සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වය එහිදී සහයෝගීතා එකඟතාවකට එළඹීම විශේෂත්වයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ ප්‍රංශ ටෙනිස් සංගමයේ සභාපති Gilles Moretton මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ.

1991 සිට චීන මාධ්‍ය සමූහයේ ජාතික රූපවාහිනි සේවය ප්‍රංශ විවෘත ඉසව් විකාශනය කර ඇති බවත්, වසර ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක නැරඹුම් වාර ගණන මිලියන පවතින බවත් Shen Haixiong මහතා පැවසීය. ඉසව්වේ ප්‍රකාශන හිමිකම දීර්ඝ කිරීමට ප්‍රංශ ටෙනිස් සංගමය සමඟ එකඟතාවකට පැමිණ ඇති අතර, අනාගතයේ දී අඛණ්ඩව චීන ප්‍රේක්ෂකයින් වෙත ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් ටෙනිස් ඉසව් ගෙන එනු ඇති බව ඔහු කීය. එක්ව යෞවන ටෙනිස් ඉසව් සංවිධාන කිරීම මගින් චීනය තුළ ටෙනිස් ප්‍රවර්ධනය කර, ටෙනිස් සංස්කෘතියේ ව්‍යාප්තිය සහ ටෙනිස් සංවර්ධනය සඳහා නව ජීව ශක්තියක් එක් කරනු ඇතැයි Shen Haixiong මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම