චීන මාධ්‍ය සමූහය සහ පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටුව සහයෝගිතා ගිවිසුමකට අත්සන් කරයි
2023-10-24 09:30:38
Share with:

චීන මාධ්‍ය සමූහය සහ පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටුව ඊයේ (23) පැරිස් හිදී සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. ඒ අනුව දෙපාර්ශ්වය අතර උපායමාර්ගික සහයෝගීතාව නිල වශයෙන් ආරම්භ කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, 2024 පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටුවේ සභාපති Tony Estanguet මහතා දෙපාර්ශ්වය වෙනුවෙන් අදාළ ගිවිසුමට අත්සන් තැබූහ. මේ අනුව පැරිස් ඔලිම්පික් උළෙලේ ප්‍රචාරක කටයුතු, විශේෂ වැඩසටහන් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතා ඇති කර ගෙන ඇත.

ක්‍රීඩාව, සංස්කෘතිය, අධ්‍යාපනය, චිත්‍රපට හා රූපවාහිනි යන ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගීතා තහවුරු කිරීමට මෙය සුවිශේෂ අවස්ථාවක් කර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බව Shen Haixiong මහතා එහිදී ප්‍රකාශ කළේය.  " වඩා  වේගවත්, උසස්,  ශක්තිමත් -  වඩා එක්සත්" යන ජාත්‍යන්තර ඔලිම්පික් ආදර්ශ පාඨය ප්‍රවර්ධනය කිරීමට ද මෙය වටිනා අවස්ථාවක් වනු ඇත. එමෙන්ම චීන-ප්‍රංශ සංස්කෘතික හුවමාරු ශක්තිමත් කරමින් දෙරට අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සහාය ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පෙන්වා දී ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම