චීනය ඇතුළු රටවල් 7ක වැසියන් වෙත වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර
2023-10-24 14:58:46
Share with:

රටවල් 7ක වැසියන් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය.

ඒ අනුව චීනය, ඉන්දියාව, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල වැසියන්ට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම