ජාත්‍යන්තර ප්‍රජාවෙන් ගාසා තීරයට තවත් මානුෂීය ආධාර
2023-10-24 10:45:34
Share with:

යුධමය තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් තවත් ගුවන් යානා 27ක් පමණ ඊජිප්තුවේ උතුරු සීනායි ප්‍රාන්තයේ අල්-අරිෂ් ගුවන් තොටුපළට ඊයේ(23)  පැමිණ තිබේ.

ඇල්ජීරියාව, කුවේට්, ඉරාකය, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය ආධාර රැගත් ගුවන් යානා රෆා දේශසීමා හරස් මාර්ගයේ සිට කිලෝමීටර් 50 කට වඩා අඩු දුරකින් පිහිටි මෙම ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. මේ අතර ගාසා තීරයට ආධාර රැගෙන යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගුවන් යානා දෙකක් ද අල්-අරිෂ් ගුවන්තොටුපළට පැමිණි බව ඊජිප්තු රජයේ Ahram Gate පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඊජිප්තුව සහ ගාසා තීරය අතර ඇති රෆා හරස් මාර්ගය හරහා පලස්තීන රතු චන්ද්‍රවංක සමාජයට නව ආධාර තොගයක් ලබා දුන් බව ඊජිප්තු රතු චන්ද්‍රවංක සංවිධානය ද නිවේදනය කළේය. ආහාර, ජලය, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ඇතුළත් මෙම ට්‍රක් රථ 20 කින් යුත් තුන්වන මානුෂීය ආධාර තොගය තමන්ට ලැබී ඇති බව පලස්තීන රතු චන්ද්‍රවංක සමාජය තහවුරු කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම