"ද්වි-රාජ්‍ය විසඳුම" මත පදනම්ව පලස්තීන ප්‍රශ්නය විස්තීර්ණ, සාධාරණ සහ කල්පවත්නා ආකාරයකින් විසඳා ගැනීමට හැකිවනු ඇතැයි චීනය අපේක්ෂා කරයි
2023-10-24 18:53:42
Share with:

"ද්වි-රාජ්‍ය විසඳුම" මත පදනම්ව පලස්තීන ප්‍රශ්නය විස්තීර්ණ, සාධාරණ සහ කල්පවත්නා ආකාරයකින් විසඳීම‍ට හැකිවනු ඇතැයි චීනය අවංකවම බලාපොරොත්තු වන බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(24) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, මේ සඳහා අඛණ්ඩව උත්සාහ දැරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

මෙවර පලස්තීන-ඊශ්‍රායල ගැටුම සිදු වීමේ සිට, ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන් අරාබි රටවල් බහුතරයේ සාමාන්‍ය විශ්වාසය බවට පත්ව ඇත්තේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය, පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් විසඳීම සඳහා මග පෙන්වීමක් වන බවයි. චීන විදේශ ඇමති වන්ග් යී මහතාගේ පලස්තීන-ඊශ්‍රායල් ගැටුම සමනය කිරීම පිළිබඳ යෝජනා ඵලදායි බවට ද ඔවුහූ විශ්වාස කරති. එසේම දේශපාලන ආකාරයෙන් පලස්තීන ප්‍රශ්න විසඳුම ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ වැදගත් කාර්යභාරය ඔවුන් අගය කරන බවද Mao Ning මහත්මිය එහිදී කියා සිටියා ය.

පලස්තීන-ඊශ්‍රායල් ගැටුම උග්‍රවීම සම්බන්ධයෙන්, චීනය හා අරාබි රටවල් බහුතරයේ ස්ථාවරය සමාන බව, Mao Ning මහත්මිය අවධාරණය කළා ය. "ද්වි-රාජ්‍ය විසඳුමට" මෙන්ම, පලස්තීන ජනතාවගේ සිය රාජ්‍යය පිහිටුවීමේ අයිතිය, ජීවත් වීමේ අයිතිය සහ නැවත පැමිණීමේ අයිතිය ඉටු කිරීමට ද, චීනය හා අරාබි රටවල් සහාය ලබා  දෙන අතර, පලස්තීන ගැටලුව විසඳීමට ඇති එකම මාර්ගය මෙය යැයි සිතන බව ද , Mao Ning මහත්මිය පැවසුවා ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම