චීනය සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චිත්‍රපට සහ රූපවාහිනී සම නිෂ්පාදන ව්‍යාපෘතියක්
2023-10-24 21:03:40
Share with:

"එක්ව අනාගතය සඳහා - චීනය සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය සැමරීම සඳහා චිත්‍රපට සහ රූපවාහිනී සම නිෂ්පාදන ව්‍යාපෘතිය" ඇරඹීමේ සමාරම්භක උත්සවය අද(24) පැරිස් නුවරදී චීන මාධ්‍ය සමූහයේ ප්‍රමූඛත්වයෙන් පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය සහ ප්‍රංශයේ බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ ආයතන අතර බහු චිත්‍රපට සහ රූපවාහිනී සම නිෂ්පාදන ව්‍යාපෘති එහිදී නිල වශයෙන් එළිදැක්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, ජාත්‍යන්තර ගුවන් විදුලි හා රූපවාහිනී සංගමයේ අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රංශ ජාත්‍යන්තර රූපවාහිනියේ 5 නාලිකා අධ්‍යක්ෂවරයා, ප්‍රංශ BFM ආර්ථික රූපවාහිනියේ සාමාන්‍යාධිකාරී, ප්‍රංශ සංස්කෘතික හා කලාත්මක කවයේ කීර්තිමත් පුද්ගලයෝ, ප්‍රවීණයෝ සහ විද්වත්හූ ඊට එක් වූහ.

Shen Haixiong මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන සහ ප්‍රංශ ජනතාව අතර වසර ගණනාවක මිත්‍රත්වය තුළ මාධ්‍ය සෑම විටම වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.

චීන මාධ්‍ය සමූහය සහ ප්‍රංශ ජාතික රූපවාහිනී සමූහය ඇතුළු බහු මාධ්‍ය සහ ආයතන අද(24)  චිත්‍රපට සහ රූපවාහිනී සම නිෂ්පාදන ව්‍යාපෘති කිහිපයක් දියත් කර තිබේ. උසස් තත්ත්වයේ විශිෂ්ට කෘති මාලාවක් මගින් දෙරටේ ජනතාව ගේ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමට වඩාත් ශක්තිමත් පාලමක් ගොඩනගා ගත හැකි යැයි අපේක්ෂා කරන බව, Shen Haixiong මහතා පැවසීය.

2024 ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ වැදගත් වසරකි. චීන-ප්‍රංශ සබඳතාවල ස්ථාවරත්වය සහ දිගුකාලීන සංවර්ධනයට නව සහ වැඩි දායකත්වයක් ලබා දීම සඳහා, චීනය සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය මෙන්ම පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවස්ථාවක් ලෙස, ප්‍රංශ මාධ්‍ය සංවිධාන සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව, Shen Haixiong මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම