පිලිපීනය නීතිවිරෝධි ලෙස හැසිරීම් වෙත පොළඹවන ඇමරිකාව
2023-10-24 21:23:28
Share with:

 

මේ දිනවල දකුණු චීන මුහුදේ පිලිපීනය ඇමරිකාවේ සහාය ඇතිව නාඩගමක් සිදු කර තිබේ. පිලිපීන සිවිල්‍ නෞකා 2ක් සහ නාවික පොලිස් නෞකා 2ක් අනවසරයෙන් චීනයට අයත් Ren'ai ගල්පරයේ වෙරළට ඇතුළු වී හිතාමතා එහි චීන නෞකා හා ගැටීමට ක්‍රියා කළේ ය.චීන පාර්ශ්වය සංවර අයුරින් එම නෞකාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ද ඇමරිකාව පිලිපීනයේ එම නීතිවිරෝධි ක්‍රියාපිළිවෙළ සාධාරණීකරණය කළේ ය.

Ren'ai ගල්පරය චීනයට අයත් Nansha දූපත් සමූහයේ කොටසකි.මීට වසර 24කට පෙර මෙම ගල්පරය සම්බන්ධයෙන් පිලිපීනය චීනය සමග ආරාවුල් ඇති කිරීම ආරම්භ කළ ද චීන පාර්ශ්වයේ දැඩි ඉවසීම හා සංවරය සහ දෙරට අතර පැවති යහපත් සන්නිවේදනය හේතුවෙන් මෙම ගල්පරය පිළිබඳ විශාල අර්බුදයක් හටගෙන නොතිබිණ. එහෙත් මේ වසරේ සිට දකුණු චීන මුහුදේ පිලිපීනය ඇමරිකාවේ සහාය ඇතිව Ren'ai ගල්පරය ඇතුළු ප්‍රදේශවලට විටින් විට අනවසරෙන් ඇතුළු වී ආරාවුල් ඇති කළේ ය. දැනට ඇමරිකාව චීනය ඉලක්ක කරගෙන සිය ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය ක්‍රියාත්මක කරමින් සිටී. ඒ සඳහා අග්නිදිග රටවලින් සහාය ලබාගැනීමේදී පිලිපීනය ඇමරිකාවේ හොඳම තෝරා ගැනීමකි. පිලිපීනය කලෙක ඇමරිකාවේ යටත්විජිතයකි. අද වන විටත් පිලිපීන රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්තිවලට ඇමරිකාවෙන් සැලකිය යුතු බලපෑම් එල්ල වී තිබේ. විශේෂයෙන් පසුගිය වසරේ පිලිපීනයේ නව රජය බලයට පැමිණීමෙන් පසු පිලිපීනය ඇමරිකාවට වඩාත් සමීප වී සිටී.

මේ දිනවල චීනයේ Ren'ai ගල්පරය පිළිබඳව පිලිපීනය සිදු කළ නීතිවිරෝධි ක්‍රියාකාරකම් වෙනුවෙන් ඇමරිකාව ප්‍රසිද්ධියේ සහාය ලබා දී ඇත. පිලිපීනය එසේ නීතිවිරෝධි ලෙස හැසිරීම පෙළඹවීමට ‍අමතරව, ඇමරිකාව සිය යුද ගුවන් යානා හා යුද නෞකා පවා අදාළ මුහුදු ප්‍රදේශවලට යවා තිබේ. දකුණු චීන මුහුදේ චීන ස්වාධිපත්‍යය අභියෝග කිරීමට පිලිපීනය කදිම අවියක් වශයෙන් ඇමරිකාව විසින් භාවිත කර තිබේ.

කෙසේ වෙතත් Ren'ai ගල්පරය සම්බන්ධයෙන් හටගෙන ඇති ප්‍රශ්නය චීනය හා පිලිපීනය අතර පවතින ගැටළුවක් මිස ඇමරිකාවේ ගැටළුවක් නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම