විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදුලි වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළෙන් ඩොලර් මිලියන 38ක්
2023-10-24 14:59:25
Share with:

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදුලි වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318ක් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් මෙරටට ලැබී ඇති බවය.

එහිදී කිසියම් වංචාවක් සිදුව ඇත්තම් විමර්ශනයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන අතර පටු දේශපාලන අරමුණුවලට මෙම පියවර ආපසු හැරවිය නොහැකි බව ද අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම