චීන මාධ්‍ය සමූහය සහ ප්‍රංශ වෘත්තීය පාපන්දු ලීගය සහයෝගීතා ගිවිසුමකට අත්සන් කරයි
2023-10-23 20:57:56
Share with:

චීන මාධ්‍ය සමූහය සහ ප්‍රංශ වෘත්තීය පාපන්දු ලීගය අද(23) Paris හිදී සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානී Shen Haixiong මහතා, ප්‍රංශ වෘත්තීය පාපන්දු ලීගයේ සභාපතිවරයා දෙපාර්ශවය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කළහ.

ලබන වසරේ චීනය සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය යෙදී ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා මීට පෙර පැවති රාජ්‍ය නායක හමුවේදී ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීම සඳහා, චීන මාධ්‍ය සමූහය සහ ප්‍රංශ වෘත්තීය පාපන්දු ලීගය මූලික උපදේශන මත පදනම්ව පුළුල් එකඟතාවයකට පැමිණ තිබේ.

මෙම සහයෝගීතා ගිවිසුමට අනුව, 2024 ප්‍රංශ සුපිරි කුසලානය චීනයේ පැවැත්වීමට දෙපාර්ශවයම ක්‍රියාකාරීව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. දෙපාර්ශ්වය අතර සුහද තරඟ පැවැත්වීමෙන් කණ්ඩායම් දෙක අතර සම්බන්ධතා ශක්තිමත් කරනු ඇත. එසේම පාපන්දු ක්‍රීඩා සංවර්ධන සංසද සංවිධානය කිරීම සහ තරුණ පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා දෙපාර්ශ්වය සහයෝගයෙන් කටයුතු කිරිමට ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම