බෝවන රෝග තුනක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
2023-10-23 16:00:04
Share with:

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට බෝවන රෝග තුනක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

අක්ෂි රෝගයක්, පාචන රෝගයක් සහ ශ්වසන අපහසුතා සහිත උණ රෝගයක් මෙලෙස ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව සිය සෞඛ්‍ය පුරුදු පිළිබඳ ඉහළ සැලකිල්ලක් දැක්විය යුතු බව සඳහන් වේ.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මහජනතාව සම්පූර්ණයෙන් සහාය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම